gov lk

2020-04-02 දින සිට ක්‍රියාත්මක වන පරිදි ඖෂධ ශාලා විවෘතව තැබීමේදී සියලුම ඖෂධවේදීන් සහ අනෙකුත් කාර්ය මණ්ඩලය පහත සඳහන් උපදෙස් පිළිපැදීම අනිවාර්ය වේ.

 

1, ඖෂධ ලබා ගැනීමට පැමිණෙන පුද්ගලයන් අතරද ඖෂධ නිකුත් කරන ඖෂධවේදියා සහ ඖෂධ ලබාගන්නා පුද්ගලයා අතරද මීටර එකක පරතරය තබාගත යුතුය.

2, ඖෂධ ශාලාවට ඇතුළු වීමට ප්‍රථම දෑත් සෝදා පිරිසිදු කිරීමට අවශ්‍ය පහසුකම් / විෂබීජ නාශක දියර සැපයිය යුතු අතර ඇතුළුවන සෑම පුද්ගලයකුම දෑත් සෝදා පිරිසිදු වීම අනිවාර්ය වේ.

3, ඖෂධ ශාලාව විවෘතව තබන වේලාවන් සහ ඖෂධ ලබාගැනීම සඳහා වලංගු ඖෂධ වට්ටෝරුවක් හෝ සායනික සටහන් රැගෙන ඒම අනිවාර්ය බවට නිවේදනයක් ඖෂධ ශාලාව ඉදිරියේ ප්‍රදර්ශනය කළ යුතුය.

4, එක් වතාවකදී උපරිම වශයෙන් පුද්ගලයන් තුන් දෙනෙකු පමණක් ඖෂධ ශාලාව තුළ රඳවා ගත යුතුය.

5, ඖෂධ වට්ටෝරුව ක් සඳහා උපරිම මසක කාලසීමාවකට පමණක් ඖෂධ නිකුත් කළ යුතුය.

6, Chloroquine, Hydroxychloroquine සහ Azithromicin නිකුත් කරනු ලබන විට සෞඛ්‍ය අමාත්‍යාංශය මඟින් නිකුත් කරනු ලැබූ චක්‍රලේඛ හා මාර්ගෝපදේශන වලට තරයේ අනුකූල වෙමින් ඖෂධ නිකුත් කළ යුතුය.

7, නිකුත් කරනු ලබන ඖෂධ සහ රෝගීන්ගේ තොරතුරු නිවැරදිව ඖෂධ වට්ටෝරු ලේඛනයෙහි (Prescription book) ඇතුළත් කිරීම අනිවාර්ය වේ.

8, ඖෂධ නිකුත් කිරීමෙන් පසු නිකුත් කළ බවට සටහනක් හෝ රබර් මුද්‍රාවක් ඖෂධ වට්ටෝරුව මත තැබීම මගින් ඖෂධ නිකුත් කළ බව තහවුරු කළ යුතුය.

9, ඖෂධ ශාලා පරිශ්‍රය තුළ කැමරා පද්ධතියක් වේ නම් ඖෂධ ශාලා විවෘත කරන කාලය තුළ එය ක්‍රියාත්මකව තැබිය යුතු අතර එම දර්ශන අවම දින දාහතරක කාලයක් සඳහා සංරක්ෂණය කර තබා ගත යුතුය.

10, Covid-19 රෝග ලක්ෂණ සහිත යැයි සැක කරන කිසියම් පුද්ගලයෙකු වේ නම් ඒ පිළිබඳව හැකි ඉක්මණින් ඔබගේ ප්‍රදේශයේ පොලීසිය හෝ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය දැනුවත් කළ යුතුය.

11, ඖෂධ ශාලාවේ පොළොව, දොර සහ ඖෂධ නිකුත් කිරීමේ කවුන්ටරය ඇතුළු විෂබීජ තැවරීමේ හැකියාවක් ඇති සියලු පෘෂ්ඨ නිරන්තරයෙන්ම විෂබීජ නාශක දියර යොදා පිරිසුදු කළ යුතුය.

13, ඖෂධ ලබා ගැනීමට පැමිණෙන තැනැත්තන් හට ඔසු හලෙන් පිටව යාමට ප්‍රථම විශබීජ නාශක දියර යොදා දෑත් පිරිසිදු කර ගැනීමට උපදෙස් ලබා දිය යුතුය.

වසංගත කාලසීමාව තුළ ඖෂධ ශාලා විවෘත කිරීමේදී ඉහත සඳහන් නිර්දේශ තරයේ පිළිපැදීම අනිවාර්ය වන අතර එම නිර්දේශ වලට පටහැනිව කටයුතු කරන ඖෂධ ශාලා බලපත්‍ර අහෝසි කිරිමකට හෝ අවලංගු කිරිමකට යටත් වේ.

මේ පිළිබඳ වැඩිදුර තොරතුරු දැනගැනීමට අවශ්‍යනම් ඔබගේ ප්‍රදේශයේ බලයලත් නිලධාරීන්, ජාතික ඖෂධ නියාමන අධිකාරිය මගින් ලබාගත හැක.

120, Norris Canal Road, Colombo 10
 011-2687743
 info@nmra.gov.lk