gov lk

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ පහත සඳහන් තනතුරු සඳහා සුදුසුකම් ලත් ශ්‍රී ලාංකීය පුරවැසියන්ගෙන් අයදුම්පත් කැඳවනු ලැබේ.

මෙම තනතුරු ස්ථීර, සේවක අර්ථ සාධක අරමුදල හා සේවා නියුක්තිකයින්ගේ භාරකාර අරමුදලට දායකත්වය දරණ තනතුරු වන අතර ස්ථාන මාරු වීම් රහිත වේ.

ජාතික ඖෂධ නියාමන අධිකාරිය කොළඹ පමණක් පිහිටුවා ඇති අතර ශාඛා කාර්යාල නොමැත.

01. රියදුරු : (පුරප්පාඩු ගණන 05 යි)

  • සුදුසුකම්:

    • බාහිර අයදුම්කරුවන් :-

      අධ්‍යයන පොදු සහතික පත්‍ර (සාමාන්‍ය පෙළ) විභාගයේදී දෙවරකට නොවැඩි වාර ගණනකින් යටත් පිරිසෙයින් සම්මාන දෙක (02) ක් සහිතව විෂයයන් හය (06) කින් සමත් වීම.

      සහ

      මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් විසින් නිකුත් කළ බර වාහන පැදවීම සඳහා වූ මෝටර් රථ පැදවීමේ බලපත්‍රයක් ලබා තිබීම සහ රියදුරු බලපත්‍රය ලැබීමෙන් පසු රිය පැදවීම සම්බන්ධයෙන් අවම වශයෙන් වසර තුන (03) ක පළපුරුද්දක් ලබා තිබීම.

    • අභ්‍යන්තර අයදුම්කරුවන් :-

      මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් විසින් නිකුත් කළ බර වාහන පැදවීම සඳහා වූ මෝටර් රථ පැදවීමේ බලපත්‍රයක් ලබා තිබීම සහ රියදුරු බලපත්‍රය ලබා ගැනීමෙන් පසු රිය පැදවීම සම්බන්ධයෙන් අවම වශයෙන් වසර තුන (03) ක පළපුරුද්දක් ලබා තිබීම.

      සහ

      ප්‍රාථමික අර්ධ ශිල්පීය (PL 2) හෝ ප්‍රාථමික ශිල්පීය නොවන (PL 1) සේවා ගණයක වසර පහ (05)ක සතුටුදායක සේවා කාලයක් සම්පූර්ණ කර තිබීම.

  • වයස :-

    අවුරුදු 18ට නොඅඩු හා අවුරුදු 45ට නොවැඩි අය විය යුතුය. අභ්‍යන්තර අයදුම්කරුවෙකුට උපරිම වයස් සීමාව අදාළ නොවේ.

  • තනතුරට අදාළ වැටුප් පියවර :-

    කළමනාකරණ සේවා චක්‍රලේඛ 02/2016 පරිදි PL 3- 2016 රු.(26,290 -10X270 – 10X300 – 10X330 – 12X350 -39,490/-) වැටුප් පරිමාණයේ ආරම්භක වැටුප් පියවර වන රු.26,290/- හා අනුමත දීමනා

  • බඳවා ගැනීමේ ක්‍රමය :-

    පත්වීම් බලධරයා විසින් පත් කරනු ලබන මණ්ඩලයක් විසින් පවත්වනු ලබන වෘත්තීය හා ව්‍යුහගත සම්මුඛ පරීක්ෂණයක ප‍්‍රතිඵල මත තෝරා ගැනීමෙන් පසු III ශ්‍රේණියට බඳවා ගනු ලැබේ.

02. නඩත්තු සහයක: (පුරප්පාඩු ගණන 02 යි)

  • සුදුසුකම්:

    • බාහිර අයදුම්කරුවන්:-

      තනතුරෙහි කාර්ය භාරයට අදාළව තෘතීය හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව විසින් පිළිගන්නා ලද කාර්මික/ වෘත්තීය පුහුණු ආයතනයකින් නිකුත් කරන ජාතික වෘත්තීය කුසලතාව (NVQ) දෙවැනි (02) මට්ටමට නොඅඩු මට්ටමක ප්‍රවීණතා සහතිකයක් ලබා තිබීම.

    • අභ්‍යන්තර අයදුම්කරුවන් :- (පහත 1 හෝ 2)
      1. අදාළ ක්‍ෂේත්‍රයෙහි වසර පහ (05) ක පළපුරුද්ද සහ කාර්මික විද්‍යාලයකින්/ වෘත්තීය පුහුණු ආයතනයකින් අදාළ තනතුරෙහි කාර්යභාරයට අනුකූල වන, වෘත්තීය පරීක්ෂණයක (Trade Test) දී තහවුරු ‍කෙරෙන ජාතික වෘත්තීය කුසලතා (NVQ) දෙවැනි (02) මට්ටමට නොඅඩු මට්ටමක ප්‍රවීණතාවය සහිත ප්‍රාථමික ශිල්පීය නොවන (PL 1) සේවා ගණයක සේවකයින් වීම
      2. තනතුරෙහි කාර්ය භාරයට අදාළව තෘතීය හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව විසින් පිළිගන්නා ලද කාර්මික/ වෘත්තීය පුහුණු ආයතනයකින් නිකුත් කරන ජාතික වෘත්තීය කුසලතා (NVQ) දෙවැනි (02) මට්ටමට නොඅඩු මට්ටමක ප්‍රවීණතා සහතිකයක් ලබා තිබීම.
  • වයස :-

    අවුරුදු 18ට නොඅඩු හා අවුරුදු 45ට නොවැඩි අය විය යුතුය. අභ්‍යන්තර අයදුම්කරුවන්ට උපරිම වයස් සීමාව අදාළ නොවේ.

  • තනතුරට අදාළ වැටුප් පියවර :-

    කළමනාකරණ සේවා චක්‍රලේඛ 02/2016 පරිදි PL 2- 2016 රු.(25,750 -10X270 – 10X300 – 10X330 – 12X350 -38,950/-) වැටුප් පරිමාණයේ ආරම්භක වැටුප් පියවර වන රු.25,750/- හා අනුමත දීමනා බඳවා ගැනීමේ ක්‍රමය : පත්කිරීමේ බලධාරියා විසින් පත්කරනු ලබන මණ්ඩලයක් විසින් පවත්වනු ලබන ව්‍යුහගත සම්මුඛ පරීක්ෂණයක් හා වෘත්තීය පරීක්ෂණයක ප‍්‍රතිඑල මත තෝරා ගැනීමෙන් පසු III ශ්‍රේණියට බඳවා ගනු ලැබේ.

03. කාර්යාල කාර්ය සහයක : (පුරප්පාඩු ගණන 13 යි)

  • සුදුසුකම්:-

    අධ්‍යයන පොදු සහතික පත්‍ර (සාමාන්‍ය පෙළ) විභාගයේදී දෙවරකට නොවැඩි වාර ගණනකදී විෂයයන් හය (06) ක් සමත්ව තිබීම.

  • වයස :-

    අවුරුදු 18ට නොඅඩු හා අවුරුදු 45ට නොවැඩි අය විය යුතුය.

  • තනතුරට අදාළ වැටුප් පියවර :-

    කළමනාකරණ චක්‍රලේඛ 02/2016 පරිදි PL 1- 2016 රු.(24,750 -10X250 – 10X270 – 7X300 – 15X330 -37,000/-) වැටුප් පරිමාණයේ ආරම්භක වැටුප් පියවර වන රු.24,750/- හා අනුමත දීමනා

  • බඳවා ගැනීමේ ක්‍රමය : -

    පත්වීම් බලධරයා විසින් පත් කරනු ලබන මණ්ඩලයක් විසින් පවත්වනු ලබන ව්‍යුහගත සම්මුඛ පරීක්ෂණයක් මගින් තෝරා ගැනිමෙන් පසු III ශ්‍රේණියට බඳවාගනු ලැබේ.

වෙනත් කරුණු :-

සෑම ඉල්ලුම්කරුවක් ම,

  1. ශ්‍රී ලංකා පුරවැසියෙකු විය යුතුය.
  2. තනතුරට පැවරෙන කාර්යයන් මැනවින් ඉටු කිරීම සඳහා මෙන්ම දිවයිනේ ඕනෑම ප්‍රදේශයක සේවය කිරීම සඳහා අවශ්‍ය වන කායික හා මානසික යෝග්‍යතාවයෙන් යුක්ත විය යුතුය.
  3. විශිෂ්ට චරිතයෙන් යුක්ත විය යුතුය.

මේ සමඟ අමුණා ඇති ආකෘතියට අනුව ඔබ විසින් සකස් කරන ලද අයදුම්පත් 2024.05.07 දිනට හෝ එදිනට පෙර ලැබෙන සේ ප්‍රධාන විධායක නිළධාරි, ජාතික ඖෂධ නියාමන අධිකාරිය, රාජ්‍ය ඉංජිනේරු සංස්ථා ගොඩනැගිල්ල, අංක 130, ඩබ්.ඒ.ඩී.රාමනායක මාවත, කොළඹ 02 යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් යොමු කල යුතු අතර ලියුම් කවරයේ වම්පස ඉහළ කෙළවරෙහි අයදුම් කරන තනතුර සඳහන් කල යුතුය.

සභාපති,

ජාතික ඖෂධ නියාමන අධිකාරිය.


 cv format

 සැළකිය යුතුයි:-

අදාළ ආකෘතියට අනුව පමණක් අයදුම්පත්‍රය සම්පූර්ණ කර එවිය යුතු අතර ඔබගේ අධ්‍යාපන හා වෘත්තීය සුදුසුකම් සනාථ කෙරෙන සහතිකපත්‍ර වල පිටපත් අයදුම්පත්‍රය සමඟ යොමු කල යුතු වේ.

120, Norris Canal Road, Colombo 10
 011-2687743
 info@nmra.gov.lk